Tuesday, January 18, 2011

මේ නිදහස් අධ්‍යාපනයද?

5 ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙකු වෙනත් පාසලකට දමාගැනීමට මා දන්නා තරමින් අවශ්‍ය වන්නේ ඩෙස්ක් එකක් සහ පුටුවක් පමණි. නමුත් අද තත්වය වෙනස් වී ඇත.ඒ සඳහා ගෙවීමට සිදුවී ඇත්තේ මොනර කොලවලිනි. එසේ ගෙව්වද විශ්වාස නෙත, මක්නිසාදයත් පාසලටද පූජා වට්ටි ක්‍රමය පැමිණ ඇති නිසාවෙනි. වැඩි මුදලක් ගෙවන අයට මුල් තැන ලැබේ. ඔවුන් පාසලට මුදල් ගන්නේ පාසැල සංවර්ධනය කෙරීමට කියාය. තවද පාසල් සංවර්ධන සමිතියටද මුදල් දිය යුතුය. මට ඇති ගැටලුව නම් බදු ගෙවමින් දුක් විඳමින් අසරණව ජීවිත ගටගසගන්නා අසරණ දෙමාපියන්ගේ දරුවන්ට උදා වන හෙට දවස පිලිබඳවය. රටේ සංවර්ධනයට සියලුම රටවැසියන් බදු බරෙන් පීඩිතව සිටිද්දී අද්‍යාපනය සඳහාවත් මොවුන්ට පිළිසරණක් නොමැතිවීම අපරාධයකි.

No comments:

Post a Comment