Tuesday, January 18, 2011

මේ නිදහස් අධ්‍යාපනයද?

5 ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙකු වෙනත් පාසලකට දමාගැනීමට මා දන්නා තරමින් අවශ්‍ය වන්නේ ඩෙස්ක් එකක් සහ පුටුවක් පමණි. නමුත් අද තත්වය වෙනස් වී ඇත.ඒ සඳහා ගෙවීමට සිදුවී ඇත්තේ මොනර කොලවලිනි. එසේ ගෙව්වද විශ්වාස නෙත, මක්නිසාදයත් පාසලටද පූජා වට්ටි ක්‍රමය පැමිණ ඇති නිසාවෙනි. වැඩි මුදලක් ගෙවන අයට මුල් තැන ලැබේ. ඔවුන් පාසලට මුදල් ගන්නේ පාසැල සංවර්ධනය කෙරීමට කියාය. තවද පාසල් සංවර්ධන සමිතියටද මුදල් දිය යුතුය. මට ඇති ගැටලුව නම් බදු ගෙවමින් දුක් විඳමින් අසරණව ජීවිත ගටගසගන්නා අසරණ දෙමාපියන්ගේ දරුවන්ට උදා වන හෙට දවස පිලිබඳවය. රටේ සංවර්ධනයට සියලුම රටවැසියන් බදු බරෙන් පීඩිතව සිටිද්දී අද්‍යාපනය සඳහාවත් මොවුන්ට පිළිසරණක් නොමැතිවීම අපරාධයකි.

Wednesday, December 8, 2010

චේ ගුවේරා

චේ ගුවේරා පිළිබඳව අන්තර්ජාලය තුල සිංහල බ්ලොග් අඩවි හි ඇති දෑ පිළිබඳව කනස්සල්ලක් ඇතිවිය. ඔහු පිලිබඳ ප්‍රතිවිප්ලවවාදීන් විසින් ලෝකයට ඒත්තු ගැන්වූ වෛරී සහගත හැගීම් අපරට තුල තවමත් ඉතිරිව ඇත. චේ ඔබ සදා නොමියෙනු ඇත. ආර්ථික, දේශපාලන, විප්ලව වාදී, කොමුනිස්ට් වාදී විසේසඥයෙකු ලෙස කියුබාව තුල සිදුකල මෙහෙය වැනි බොහෝ දෑ නොදත්, නිවැටින් ගේ පදනම් විරහිත චෝදනා පිළිබඳව ඔබ හොඳින් දැනසිටි නිසාවෙන්, අනුගාමිකයෙකු වන මා තුලද හටගනුයේ ඔවුන් කෙරෙහි වූ අනුකම්පාවක් පමණි.

Thursday, October 14, 2010

ආයුබෝවන්

සිංහලෙන් type කරන්න අමාරු හින්ද සිංහල බ්ලොග් එක ලියන්න කම්මැලි කමේ හිටියෙ.එත් google transliteration එක්ක පහසුවෙන්ම සිංහල type කරන්න පුළුවන් නිසා වැඩේට බැස්ස.